1985.05.12 දින ශ්‍රිලංකා ප්‍රඡාතන්ත්‍රික සමාඡවාදී ඡනරඡයේ අති විශෙෂ ගැසට් පත්‍රයෙහි අංක 453/6 දරණ අතිවිශේෂ ගැසට් පතුය

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත නියමය

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 2 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් සහ 4 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර පළාක් පාලන, නිවාස හා ඉදි කිරිම් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස වන මම මෙම නියමයන්,

  1. මෙම උප ලේඛනයේ I කොටසේ විස්තර කරන ලද ප්‍රදේශය එකී පනතේ කාර්ය සඳහා ප්‍රාදේශිය සභා ප්‍රදේශයක් විය යුතු යැයි ප්‍රකාශ කරමි.
  2. එම උප ලේඛනයේ II වන කොටසේ දක්වා ඇති සීමා ප්‍රාදේශිය සභා ප්‍රදේශයේ පරිපාලන සීමා ලෙ නියම කරමි.
  3. මෙම නියමයේ (1) වන ඡේදය යටතේ ප්‍රකාශ යටපත් කරන ප්‍රාදේශිය සභා ප්‍රදේශය සඳහා ප්‍රාදේශිය සභාවක් සංස්ථාපනය කොට ඒ ප්‍රාදේශිය සභාවට පහත සඳහන් නාමය පවරමි.

” දොම්පෙ ප්‍රාදේශිය සභාව  ”

  • දොම්පෙ ප්‍රාදේශිය සභාවසභාපතිවරයකු, උප සභාපතිවරයකු සහ තවත් තෝරා පත් කර ගත් සභිකයින් විසි දෙනෙක්ගෙන් සමන් විය යුතු යයි නියම කරමි.

ආර්ප්‍රේමදාස

පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය.

1987 මැයි මස 11 දින  බත්තරමුල්ලේ දීය.

උපලේඛනය

 

I වන කොටස

පහත සඳහන් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාශ වලින් සමන් විත භූමි ප්‍රදේශය

(293) වතුරගම , (377) පිංගමුව, (378) හිස්වැල්ල, (379) මීතිරිගල, (379 ඒ) රංවල, (380 ) දංගල්ල, (380 ඒ) ගනිහිගම, (381/382) පල්ලේගම, (383) මැද්දේගම, (384) උඩගම, (385) කිරිඳිවැල, (386) මිල්ලතේ, (387) මහල්ඔලුව, (388) මයිලවලාන, (389) ඉඳුරුගල්ල්‍, (390) රදාවාන උතුර, (390 ඒ) රදාවාන දකුණ, (391) දියවාල, (392) අනුරාගොඩ, (393) පැල්විට, (394) මණ්ඩාවල උතුර, (395) මණ්ඩාවල දකුණ, (396) පුටුපාගල, (397) කෑරගල, (398) දෙමළගම, (399) බැලුම්මහර, (400) පැලැහැල, (401) දෙකටන, (401 ඒ) පරංගොඩ, (402) කළුකොදයාව, (403) පහල දොම්පෙ, (404) ඉන්දොලමුල්ල, (405) දොම්පෙ, (410) ඉහල ලුනුගම, (410 ඒ) පහල ලුනුගම, (411) පාළුගම, (412) පහල මාපිටිගම, (413) මල්වාන, (414) උඩ මාපිටිගම, (415) වෙල්ගම, (416) සමනබැද්ද, (417) තිත්තපත්තර, (418) නිකවල, (419/420) කොස්පිටියන, (421/422) පට්ටියගම, (423) උඩුගම, (424) සෙනසුන්ගොඩ, (406) ගල්පොතුගොඩ, (407) ගිරිදර, (408) වානලුවාව, සහ (409) ගුරුවල.

 

II වන කොටස

ප්‍රාදේශය සභාවේ පරිපාලන සීමා

උතුර, යක්කල, රඳාවාන මහා මාර්ගයේ අංක 6/3 පරණ බෝක්කුවේ මධ්‍ය යේ සිට මීටර් 400 ක් පමන දුරින් බස්නාහිරට පිහිටි උඩුගහ පත්තුවේ ඡේදන ලක්ෂයේ පිහිටි ආරම්භක ලක්ෂයේ සාට ඉහත බෝක්කුවේ මධ්‍ය දක්වා මීටර් 400 ක් පමණ නැගෙනහිර දිශාවටද එතැන් සිට ඉහත මහා මාර්ගයේ මධ්‍ය රේඛාවේ පිහිටි උඩුගහ පත්තුවේ සහ ගඟබඩ පත්තුවේ පොදු පත්තු මායිම දිගේ මීටර් 1,500 ක් පමණ කෑගළු දිස්ත්‍රික් මායිම සහ ඉහත පත්තු මායිමේ ඡේදන ලක්ෂය දක්වා නැගෙනහිර දිශාවටද,

නැගෙනහිර – අවසාන ලක්ෂයේ සිට මීටර් 9,800 ක් පමණ දකුණු දිශාවට කෑගල්ල දිස්ත්‍රික් මායිම දිගේ කැළණි ගඟේ මධය රේඛාවේ පිහිටි කොලඹ, ගම්පහ, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි ඡේදන  ලක්ෂය දක්වා ද,

දකුණ – අවසාන ලක්ෂයේ සිට මීටර් 27,500 ක් පමණ කැළණි ගඟේ මධ්‍ය රේඛාව දිගේ පිහිටි කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මායිම දිගේ බස්නාහිර දිශාවට පහුරු ඔයේ ඡේදන ලක්ෂය දක්වා,

බස්නාහිර – අවසාන ලක්ෂයේ සිට පහුරු ඹයේ මධ්‍ය රේඛාව දිගේ පිහිටි අධිකාරී හා ගඟබඩ පත්තු වල පොදු පත්තු මායිම දිගේ මීටර් 1,500 ක් පමණ නැගෙනහිර දිශාවටද එතැන් සිට පොදු පත්තු මායිම දිගේ මීටර් 3780 ක් පමණ උතුරු දෙසට එතැන් සිට පොදු පත්තු මායිම් වූ දෙල්ගොඩ දොම්පෙ මහා මාර්ගයේ මධ්‍ය රේඛාව දිගේ පනාවල හංදියේ සිට මීටර් 3600 ක් පමණ උතුරු – නැගෙනහිර දිශාවටද එතුන් සිට මීටර් 7500 ක් පමණ එකී පොදු පත්තු මායිම ඔස්සේ උතුරු දිශාවටද එතැන් සිට හොර ගස් හංදිය මණ්ඩාවල සංවර්දන සභා මාර්ගයේ මධ්‍යම රේඛාව දිගේ පිහිටි ඉහත පොදු පත්තු මායිම ඔස්සේ  මීටර්1,500 ක් පමණ නැගෙනහිර දිශාවටද, එතැන් සිට ඉහත පොදු පත්තු මායිම් දිගේ මීටර් 5,800 ක් පමණ උතුරු දිශාවට වූ ආරම්භක ලක්ෂය දක්වාද වේ.

 

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත නියමය

(2 වන අධිකාරිය වූ) අර්ථ නිරූපන ආඥා පනතේ 18 වන වගන්තිය සමඟ කියවිය යුතු 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වන වගන්තිය (1) වන උප වගන්තියෙන් සහ 6 වන වගන්තියෙන්ද (262 වන අධිකාරිය වූ ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 27 ඊ වගන්තියෙන්ද මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා වන මම ,1987 මැයි මස 12 වන දිනැති අංක  453/6 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රෙය් පළ කරන ලද “දොම්පෙ ප්‍රාදේශීය සභාවට “අදාළ නියමය මෙයින් තවදුරටත් සංශෝධනය කරමි.

  1. එහි (4) වන ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :

” (4) දොම්පෙ ප්‍රාදේශිය සභාව පහත දැක්වෙන 1,11,111 වන ඡේද ප්‍රකාර තෝරා පත් කරනු ලබන සභික සංඛ්‍යාවකින් සමන්විත යුතුයැයි නියම කරමි.”

01. 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 4 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (අ) ඡේදය ප්‍රකාර තෝරා පත්කර ගත යුතු සභිකයින් 25 දෙනෙකුගෙන්ද ,

උප වගන්තයේ (ආ) ඡේදය ප්‍රකාර තෝරාගත යුතු 7 දෙනෙකුගේ උපරිමයකින් යුතු සභික සංඛ්‍යාවකින්ද ,

2.1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 4 වන වගන්තියේ (1) වන

3.(262 වන අධිකාරිය වූ ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 27 ඊ වගන්තියේ (3)වන උප වගන්තිය ප්‍රකාර පත්කළ යුතු කාන්තා සභිකයින් 10 දෙනෙකුගෙන්ද සමන්විග විය යුතුය.

මෙම නියමය 2017 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක විය යුතුය.

ෆයිසර් මුස්තාපා

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

2017 අප්‍රේල් මස 07 වන දින

කොළඹදීය

Scroll to Top