උපන් භූමිය පිංවන්තම භූමිය ලෙස හැදින්වීමට නම් පෙරකරන ලද පිං අවැසි බව අප නිරන්තරයෙන් සිහිපත් කරනු ලබන කරුණකි එකී කරුණට වාඩාත්ම සාධාරණීකරණය ඉටුකළහැකි භූමි ප‍්‍රදේශයක් ලෙස අප ප‍්‍රාදේශීය සභා බල සීමාව නිසගයෙන් හඳුනාගත හැකිය බස්නාහිර පළාතේ සැයනෑ කෝරලයේ ගගබඩ පත්තුවේ වඩාත් මනරම් භූමි ප‍්‍රදේශයක් පුරා තම වපසරිය පතුරා ඇති දොම්පෙ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ එක් අන්තයකින් කැළණී නදී කුමරිය ගලා බසිනුයේ මන්දස්මිත ආඩම්බරකාර ලීලාවකිනි
අප ඇසට ජීවමානව දර්ශනයවන පාරිසරික වටිනාකම් හා දර්ශනීයත්වයට දෙවෙනි නොවන ඓතිහාසික වටිනාකම් රැසකට අප සභා බල ප‍්‍රදේශය අතිවාසිකම් කියනු ලබයි
සයවන පැරකුම් රජු දවස ආරක්ෂාව සලසන ලදැයි සැලකෙන ඓතිහාසික ලූණුගම සිරිපැරකුම්බා විහාරස්ථානය එකී වටිනාකමේ උත්කෘශ්ට සාධකයකි
ර්‍ණ නිශ්ශංක අලගත්කෝනාර ප‍්‍රභූරාජයාගේ භාතෘභූත දළසෙන්ගමු නිගන්තරුත් අර්ථනායක සේනාධීපතිනිගේ දුවනි වු පද්මාවතී කුමාරිකාවගේ අයැදුම පරිදි ශී‍්‍ර රාජගුරු වනරතන මාහිමියන් වහන්සේට වැඩවාසය පිණිස කරදෙන ලද කෑරගල පද්මාවතී පිරිවෙන් රජමහා විහාරස්ථානය එවකට ලංකාවේ සියලූ පිරිවෙන් ආරාමයන්ගෙන් ශ්‍රේෂ්ඨතර ස්ථානය වුයේය යුනවෙන් පුරාතන ලිපිලේඛන මගින් වර්නනා කර ඇත්තේ අප භූමි ප‍්‍රදේශයට ඉමහත් වටිනාකමක් අත්පත්කර දීමට සමත් කෑරගල රජමහා විහාරය පිලිබඳවය එමෙන්ම සද්ධර්මලංකාර වත්ථුල පබ්බත කතා පුවතෙහිත් හංස සංදේශයෙහිත් වැනුමට ලක්කොට ඇත්තේ එකී පුන්‍යභූමියයි
සමනබැද්ද රජමහා විහරත්නය ආශී‍්‍රතව කරනු ලැබු කැනීම්වලදී වටිනා ඓතිහාසික කරුණු කාරනා බොහොමයක් ඉස්මතුවි උැත
එමෙන්ම වලගම්බා රජ දවස නටඹුන් සහිත දංගල්ල රජමහා විහාරය දෙතිස්ඵල බොධීන් වහනසේ වැඩහිදින මැද්දේගම රජමහා විහාරය කිස්තු වර්ෂ 1775 දී පමණ ඉදිකරවන්නට යෙදුනු අනුරාගොඩ හා මාහල්ඔලූව ටැම්පිට විහාර ලෙනගම්පල විහාරය ආදී ලෙස අප ඓතිහාසික උරුමයන් මනාව විදහා දන්වන සාධකයන් බොහොමයකි
මෙකී සිද්ධාන්ත සියල්ලටම අමතරව තවදුරටත් විමසා බැලීමේදී හිමිදිරි උදෑසන රජතුමා ගමන් කරමින් සිටියදී බොල් පිනී වැටිී තිබෙනු දැක පිනිවැටුන ගොමුව ර්‍ණ පිංගමුව ර්‍ණ යනුවෙනුත් ධර්මද්වජ පඩිතුමා දරුවන්ට ශිල්ප ඉගැන්වු ශාලාව සිප්සල හිස්සැල්ල යනුවෙනුත් භික්ෂුන් වහන්සෙට දානය ලබාදීමට ප‍්‍රසිද්ධ වී දංගල්ල යනුවෙනුත් කුෙවිනියගේ සොහොයුරා පදිංචි වු ප‍්‍රදේශය මයිලවලාන යනුවෙනුත් වලගම්බා රජ දවස නොයෙකුකත් කටයුතු සඳහා කන්යාවන් ලබාදුන් හෙයින් කන්නිමහර යනුවෙනුත් රජුන් බැඳි වාන හේතුවෙන් රජාවාන වී රදාවාන යනුවෙනුත් ආදී ලෙස බොහෝ පුරාවෘත්ත සහිතව අලංකාර නම් ලැබු ග‍්‍රාමයන් සහිතව ග‍්‍රාම සේවා වසම් 133 කින් සමන්විත අප දොම්පෙ ප‍්‍රාදේශීය සබා බල ප‍්‍රදේශය සැබවින්ම ඓතිහාසික වටිනාකම් රැසක තෝතැන්නකි
ඒ සියල්ල මේ යයි සටහන් කොට තැබීම නිමක් ලද හැකි කාර්යක් නොවන්නේය

Scroll to Top