අතීතයෙන් බිඳක්

1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනතේ නියමයන් පරිදි 1987 -05-12 දිනැති අංක 453/6 දරණ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව දොම්පෙ ප‍්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත. එදා සිට අද දක්වා දේශපාලන හා පරිපාලන බලතල විසිරීම මෙලෙස දැක්විය හැක.

කාලසීමාව,දේශපාලන අධිකාරිය, පරිපාලන බලතල හැඳින්වීම

1987-05-12 සිට 1991 දක්වා මැතිවරණයක් පවත්වා නොමැත. ප‍්‍රාදේශීය ලේකම් බලය පවරන ලද විශේෂ කොමසාරිස්වරයෙක් වෙත බලය පවරා ඇත.එවකට අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වු විජේදාස මහතා පරිපාලන නිලධරයා ලෙස කටයුතු කර ඇත.

1991 සිට 1997 දක්වා (පළමු සැසිවාරය – සභාපතිවරයා ලෙස සරත් කීර්තිරත්න මහතා පත්වී ඇති අතර 1992 දී එතුමා පළාත් සභාවට තේරීපත්වු පසු සනී ජයවර්ධන මහතා සභාපති ධුරයේ කටයුතු කර ඇත.

1992 – 1993 සී.වීරමන්ත්‍රී මහතා ලේකම් වු අතර 1993-1997 අමරා අලහකෝන් මිය සභාවේ ලේකම් ලෙස කටයුතු කර ඇත.

1997 සිට 2002 දක්වා (දෙවන සැසිවරය- එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂයෙන් සනී ජයවර්ධන මහතා සභාපති ලෙස කටයතු කර ඇත.

1997-2001 දක්වා ජේ.එම්.ඩබ්.ජයසිංහ මහතා ලේකම් ලෙස කටයුතු කර ඇත.

(2001-2002) වැඩ බලන ලේකම්වරු කටයුතු කර ඇත.

2002 සිට 2006 දක්වා (දෙවන සැසිවරය – එක්සත් ජාතික පක්ෂයෙන් උභය කුමාර ජයවර්ධන මහතා සභාපතිවරයා වශයෙන් කටයුුතු කර ඇත.

2002 සිට 2004 දක්වා ජේ.එම්.පුෂ්පලතා මහත්මියද, 2004-2006 දක්වා ඞී පී සෝමසිිරි මහතාද ලේකම්වරු ලෙස කටයුතු කර ඇත.

2006-2011 (4 වන සැසිවරය – එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂයෙන් සනී ජයවර්ධන මහතා සභාපති ලෙස කටයතු කර ඇත.

2006 දී ලිට්‍රීෂියා කන්නංගර මිය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර 2007 – 2008 කාල සීමාවට වැඩබලන ලේකම්වරු ලෙස රාජකාරි සිදුකර ඇත.

2011-2015 (5 වන සැසිවරය – එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂයෙන් මිලාන් ජයතිලක මහතා සභාපති ලෙස කටයතු කර ඇත.

2011-2015 දක්වා එම්.යූ.ආර්. මද්දුමගේ මිය ලේකම්වරිය ලෙස කටයුුතු කර ඇත.

2015-2018 සැසිවාරයක් පවත්වා නොමැත. එම්.යූ.ආර්.මද්දුමගේ මිය සභාවේ බලතල කාර්ය කර්තව්‍ය ක්යා‍රිත්මක කිරීමේ නිලධාරි ලෙස කටයුතු කර ඇත.

2018-2022 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මිලාන් ජයතිලක මහතා සභාපති වු අතර 2020 වසරේ එතුමා පාර්ලිමේන්තුවට තේරීපත්වුු පසු පියසේන කාරියප්පෙරුම සභාපතිවරයා වශයෙන් කටයුතු කර.

2018-2019 උපුලි මද්දුමගේ මියද 2019 සිට මේ දක්වා ඩී.ඒ.අජිත් රණසිංහ මහතාද කටයුතු කරනු ලබයි.

Scroll to Top