කෑරගල පද්මාවතී පිරිවෙන
කෝට්ටේ යුගයේ අවසාන භාගයේ වනවාසී පාර්ශවයේ පිරිවෙන් අතර ප්‍රධාන තැනක් ගන්නා පිරිවෙනකි.සන්දේශ කාව්‍ය වලින් උසස් සාහිත්‍ය කෘතියක් වූ හංස සංදේශයට පාදක ස්ථානය ලෙස ‍මෙම පිරිවෙන හැදින්විය හැක. සන්නස් දෙකක් හා ගල් කණු අටක් අදටත් දක්නට ලැබේ. ගම්පහ කිරිදිවැල මාර්ග අංක 202 බස් මාර්ගයේ හේනේගම හංදියෙන් කෑරගල මාර්ගයට පිවිස කිලෝමීටර් 3 පමණ දුරින් මෙම ස්ථානය පිහිටා ඇත.

ලූණුගම සිරි පැරකුම් රජමහා විහාරය

සයවැනි පැරකුම්බා රජ සමයට අයත් ගල්ලෙන් තුළ දොලොස් රියන් පමණ වූ සැතපෙන ප්‍රතිමාවක් සහිත විහාරස්ථානයකිග රාජ ප්‍රතිමා ල මකර තොරණ හා වජ්‍රසනය සහිත පැරණි විහාරස්ථනයකිග දෙකටන කිරිදිවැල මාර්ග අංක 225 බස් මාර්ගයේ ගම්පොළ හංදියෙන් හැරී කිලෝමීටර් දෙකක් පමණ ගමන් කිරීමේදී මෙම ස්ථානයට ළගාවිය හැකග

සමනබැද්ද රජමහා විහාරය
වලගම්බා රජ සමයට අයත් භික්ෂූන් විවේක සුවයෙන් වැඩ සිටී ශ්‍රමණ ග්‍රාමය සමනබැද්ද ලෙස නම් වී ඇතග කටාරම් කොටන ලද ගුහාවක් අභියස ඉදි වූ මෙම විහාරය හංවැල්ල කිරිදිවැල බස් මාර්ගයේ තිත්තපත්තර ග්‍රාම සේවක වසමේ පිහිටා ඇත

මැද්දේගම රජමහා විහාරය
දෙතිස්පල බෝධියක් රෝපණය කර ඇති කදු ගැටයක් සහිත ස්ථානයක පිහිටා ඇති මෙම ස්ථානය හංවැල්ල කිරිදිවැල බස් මාර්ගයේ නාවැටිය මංසංධියෙන් කිලෝමීටර් 1 1රැ2 පමණ දුරින් පිහිටා ඇත

ලුණුගම රජ පීල්ල
ස්වාභාවික ජල මූලාශ්‍රයක් සහිත ජල පීල්ලකිග කදුගැට සහිත භූමි ප්‍රදේශයක ගලා එන ස්වාභාවික ජලය පීල්ල හරහා ගලා බසීන ලුණුගම රජමහා විහාරස්ථානයට යන මාර්ගයේ පිහිටා ඇත.

නිස්සරණ වනය
වනවාසී භික්ෂූන් භාවනානුයෝගීව වෙසෙන වනගත ප්‍රදේශයකිග ස්වභාව සෞන්ධර්යයන්ගෙන් අනූන වූ මෙම වනය තුළ කුඩා දියඇළි ල ජල මාර්ග ල ගල්තලා දැකිය හැකග කිරිදිවැල රංවල බස් මාර්ගයේ පල්ලේගම මංසන්දියෙන් හැරී කිලෝමීටර් 3 1රැ2 පමණ ගිය තැනින් හැරී මෙම ආරණ්‍ය සේනාසනයට යා යුතුය

Scroll to Top