සාහිත්‍ය රසවින්දනයකින් තොරවු මිනිසුන් තණකොළ නොකනුයේ ගවයින්ගේ වාසනාවට බැව් පුුුරාණයේ සිට පැවැත එන අදහසකි එනම් සාහිත්‍යයෙන් තොරවු ජීවිත තිරස්චීන ආත්මයන් කොට සැලකියහැකි බව වක්‍රෝතියෙන් කියාපෑමකි නමුදු ගඟබඩ පත්තුවේ දොම්පෙ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ අපනිතැතින්ම වාසනාවන්ත මානවයන් බවට පත්වනුයේ කිසිවිටකත් දිළිදු නොවු සාහිත්‍යමය ඇසුරක් ඉතා සමීපව ලබන්නට තරම් භාග්‍යවන්තවන බැවිනි
ලක්අඹර සනහා සාහිත්‍යාව ලෝකයෙන් මුලූ මහත් සමාජයක් ඔපනංවන්නට සුවිසාල දායකත්වය ලබාදුන් සාහිත්‍යධරයන්ට ජන්මලාභය ලබාදුන සුපින්වත් භුමියක් බවට අප සභා බල ප‍්‍රදේශය විරාජවනුයේ මහත් ආඩම්රකාර ලීලාවකිනි ඒ අතුරින් දිවයින පුරා ඉතමාත් ජනාදරයට හා කීර්තියට පත්වු සාහිත්‍යධරයන් කිහිප දෙනෙකු මහසයුරේන් ගත් දියදොතක් ලෙස නාමිකව දැක්වීම සිදුකරනුයේ සියලූදෙනා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම පිටු කිහිපය ප‍්‍රමාණවත් නොවන බැවින් එකී කරුණ පිළිබඳව පමණක් විශේෂිතවවු ග‍්‍රන්තයක් එලි දැක්වීමට තරම් කරුණු කාරනා අප සතුව පවතින බැවිනි

  • අලගියන්න මුකවෙටි තුමා- සුභාෂිතය කුසජාතකය කාව්‍ය දහම්සොඩ කව නීතිසාරය පරංගි හටන මහහටන
  • මහගමසේකර මහතා- ප‍්‍රබුද්ධ නොමියෙමි තුංමං හංදිය මනෝ මංදිර
  • රූපේ විෙඡ්සිංහ මහතා- පෙම් වියරුව ලබා උපන් හැටි වීරභූමි මෝලෙගෙදර
  • කේ ජයතිලක මහතා- චරිත තුනක් කාලේ අයංතේ තටු සහ මල් පරාජිතයෝ

මේ එක් එක් ලේඛයෙතු වෙනුවන්ම ගත්කළ වුවද ඔවුන් විසින් ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම ස\හා දායාද කරන ලද ස්වතන්ත‍්‍ර නිර්මාණ පරිවර්තන පද්‍ය කෘති නාට්‍ය නිරමාණ ආදිය පිළිබඳව දීර්ඝ විස්තර ඉදිරිපත් කළහැකිය ඉහතින් දක්වා ඇත්තේ අදාල සාහිත්‍යධරයන් පිළිබඳව මහජන මනසේ සුපහැදිලිව තැන්පත්ව ඇති නාමයන් කිහිපයක් පමණි

එමෙන්ම කඵකොඳයාවේ පඤ්ඤාසේකර හිමි කේ ජී පේ‍්‍රමරත්න මහතා කුසුුම්සිරි ජයවර්ධන මහතා පේ‍්‍රමචන්ද්‍ර මාගම්මන මහතා ජයකොඩි සෙනවිරත්න මහතා ආදී ලෙස කතුවර නාමාවලිය අඛණ්ඩව ඉදිරිපත් කළහැකිය
එපමණක් නොව වර්තමානයේදී අපසභා බල ප‍්‍රදේශයේ තරුණ පරම්පරාවද බොහෝ දෙයින් ග‍්‍රන්තකරණයට යොමුව ඇති බවත් දක්නට ලැබීම සතුටට කරුණකි
දොම්පෙ ප‍්‍රාදේශීය සභාව ලෙසින් මෙම සියලූ සාතිත්‍යධරයන් නියෝජනය කරමින් වසරක් පාසා ර්‍ණ සියනෑ ප‍්‍රසාදිනී ” සම්මාන ප‍්‍රධානය කිරීමට හැතිවීම අප ලද භාග්‍යකි
එලෙස අප සම්මානයට පාත‍්‍ර වු ලේඛක පිරිසද පහත පරිදි දක්වනුයේ නිහතමානී අඩම්බරයකි

Scroll to Top