2022 අවසන් වසර යනු අභියෝග රැසක් සමග ගෙවුනු වසරකි.ඒ අතරින් පලමු අභියෝගය වූයේ අප රටේ ආර්ථික අර්බුද තත්වය අනුව රුපියල් අවභාවිතා වෙමින් අස්ථාවර ආර්ථික රටාවක් ඇති වීමයි.එහිදී නොසැලී ශක්තිමත්ව සේවා සැපයීම ඉතාමත් අපහසු කර්තව්‍යයක් වුවද අප ප්‍රාදේශීය සභාවක් ලෙස නොසැලී කටයුතු කිරීමට හැකි වීම පුදුමය උපදවන කරුණකි.
රටේ පැවති එම ආර්ථික තත්වය හමුවේ වරින් වර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල උද්දමනය ඉතා ඉහල අගයක පැවතුනි.රාජ්‍ය ආයතනයක් ලෙස රට තුළ බලපෑම් ඇති කල ඉන්ධන අර්බුදය වැනි හේතු මත අපගේ කසල ඉවත් කිරීමේ කම්පැක්ටර් සහ ට්‍රැක්ටර් රථ මෙන්ම ගලි බවුසර් සේවාව ජනතාව වෙනුවෙන් ලබා දීමට ගත් උත්සහය සුලූපටු නොවේ.තවද ආදාහනාගාරය වෙත ගෑස් සපයා ගැනීම වැනි අසීරු කටයුතු වලට මුහුණ දුන් බව අමතක කල නොහැක.
තවද සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය ගල්,වැලි,තාර,කෝලාස්,වැඩ ඒකකය ස
දහා ්ඊක්,ගල්පස් සපයා ගැනීම අපහසු වීම් ආදී සාම්ප්‍රදායික ප්‍රසම්පාදනය ආශ්රිත ගැටලූ රාශ්‍රියකට මුහුණ දීමට සිදු විය.මෙම හේතු මත සංවර්ධන ව්‍යාපෘති හා වැඩ ඒකකයේ කටයුතු ක්‍රියාත්මක කිරීම ඉතා අපහසු මට්ටමක පැවතුණි.
එවැනි වකවානුවක් තුළදී 2022-04-06 දිනැතිව නිකුත් කරන ලද අංක 03/2022 ජාතික අයවැය චක්‍රලේඛයට අනුව වියදම් සීමා කිරීමට අදාලව ව්‍යාපෘති හා වැඩසටහන් අවලංගු කිරීම හේතුවෙන් මධ්‍යම රජය මගින් අනුමතව තිබූ බොහොමයක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.චක්‍රලේඛය නිකුත් කරන විට වැඩ ආරම්භව තිබූ ව්‍යාපෘති 18 ක් පමණක් ක්‍රියාත්මක කල අතර ඉතිරි ව්‍යාපෘති අවලංගු වීමත් සමග බාහිර මූලාශ්‍ර වලින් ලැබීමට තිබූ ප්‍රාග්ධන ආධාර නොලැබුණි.අනුමැතිය නොලැබීම මත අඩු අදායම්ලාභී දරුවන් වෙත වෙනත් වසර වලදී පිරිනමන ලද සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන හා දහම් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන 2022 වසරේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
සභා අරමුදල් මගින් අනුමතව තිබූ ව්‍යාපෘති 149 හි කටයුතු වර්ෂය අගදී ඉහත චක්‍රලේඛයේ දැඩි සීමාවන් ලිහිල් වීමත් සමග 75% ක පමණ භෞතික ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි විය.වසර අවසානයේ පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අනුමත වූ ව්‍යාපෘතිද සමග ණය හිමි ලෙස 2023 වසරේ සංවර්ධන කටයුතු කිරීමට ව්‍යාපෘති 76 ක ප්‍රමාණයක් ඉතිරිව පැවතුනි.
මීට අමතරව රටෙහි පැවති දේශපාලන අස්ථාවර භාවයද වරින් වර නිකුත් කරන ලද වියදම් සීමා පැනවීමේ චක්‍රලේඛද නියෝග ඉටු කිරීමේදී ඇතිවන ගැටලූ හා ඉහල ආයතන වල අනුමැතිය නොලැබීම වැනි අවස්ථා වරින් වර ඇති විය.මෙවැනි තත්වයක් තුල වුවද සේවා සැපයීමට සිදු වීමේදී බදු මුදල් හෝ ගාස්තු වැඩි නොකොට,භාණ්ඩ වල මිල ඉහළ යාම්ද සමග කටයුතු කිරීමේදී මහත් අපහසුතාවයන් ඇති වුවද එම තත්වයන්ට ආයතනයක් ලෙස සාර්ථකව මුහුණදුන් බවද සදහන් කිරීමට හැක. වාර්ෂිකව ටෙන්ඩර් මගින් බදු දෙනු ලබන මස්කඩ,සතිපොල,පොදු වැසිකිලි,රථගාල,ගංගා තොටුපල,පොදු ඉඩම් සහ වෙනත් ටෙන්ඩර් බදු දේපල පසුගිය වසර වල මෙන් ජනතාව විසින් ටෙන්ඩර් ලබා නොගත් අතර එය මූල්‍යමය පාඩුවක් ලෙස දැක්විය හැක.2022 වසරට අදාලව ලබාගත් ටෙන්ඩර් බදුකරුවන් නියමිත පරිදි බදු මුදල් ගෙවීමට අපොහොසත් වීම නිසා වෙනත් වසර වලට සාපේක්ෂව හි
ග ආදායම් අයකර ගැනීමේ අපහසුතාවයක් පැවතුණි.වරිපනම් බදු වුවද වැඩි හි`ග මුදලක් පැවතීම අප ආයතනයක් ලෙස මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක් ලෙස දැක්විය හැක.
ඉන්ධන අර්බුදය පැවතීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවය ඇනහිටීම මත සියලූ අංශ ආවරණය වන පරිදි කාණ්ඩ වශයෙන් කාර්යාලයට පැමිණීම සිදු වීම නිසා දෛනික රාජකාරී කටයුතු කලට වේලාවට සිදුකර ගැනීමට බාධාවන් ඇති විය.නමුත් පිඹුරුපත් අනුමත කිරීම් සහ මහජන පැමිණිලි වැනි මහජනයා සමග සෘජුවම සම්බන්ධ වන කටයුතු හැකි අවම කාල සීමාවක් තුළදී ඉටුකර දීමට අප ආයතනයක් ලෙස ලබාදුන් උපරිම උත්සහය අගය කල යුතුය.
එවැනි වකවානුවක් තුළ වුවද 2021 වසරට සාපේක්ෂව ස්වයං උත්පාදිත ආදායම 2022 වසරේදී වැඩිකර ගැනීමට හැකි වීම අභියෝග තුළින් ලබාගත් ජයග්රහනයක් ලෙස දැක්විය හැක.